මොණරාගල පොතුවිල් මාර්ගයේ කොඩයාන මං සන්දියෙන් හැරි දැනට ඉදිවෙමින් පවතින කොටියාගල මාර්ගයේ කිලෝමිටර් 18 ක් පමණ ගොස් කොටියාගල ගමින් කැබිත්තෑව දක්වා ගමන් ඇරබීමට හැකිය. අති දුෂ්කර මාර්ගයක් හරාහා වැටි ඇති මෙම ගමන් මාර්ගය අවට ඇති තුරුලතා වලින් ගමනේ විඩාව මදකට හෝ නිවුවද,බැතිමතුනගේ වාහන වලින් නැගෙන දුවිල්ලෙන් ගතට දැනෙන විඩාව දෙගුණ තෙගුණ වේ. හුදකලා වු ගමන් මගක කිලෝමිටර් 37ක් පමණ ගමන් කිරිමට ඇත්තේ පෙර රජ දරුවන්ගේ විෂ්මිත නිර්මාණ බොහෝමක් දැක බලා ගනිමිනී....
ලගදීම මගේ යාලුවනේ මේ විශ්මිත හාස්කමි වලින් සපිරි කැබිත්තෑව නොහොත් සියඹලාව ගැන සියලු තතු මා ඔබට ගෙන එන්නම්.....
Thursday, August 23, 2012
Saturday, July 14, 2012
ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....
රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින්
පිරුණු නගරයක් වගේ. එහි
සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු
සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර
ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව...
මේ ආදරවන්තයගෙ පැහැදිලි
කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි..
අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ
හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න
කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන්
තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව....
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත්
සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...
යෞවනයේ හදවත් අතර මගේ
හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ
පන්සලක් දේවාලයක් වගේ... ඔබ
මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව
මම ඒ පූජාසනයේ සුවද දුම්
දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා
සිසී ඉන්නම් කියල...
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ
යදින්නෙ මං
පූජනීයයි උතුම් ආදරේ...
ඔබ දුටුවිට මුළු හදවතම
ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර
ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක
ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්...
ඔබත් එක්ක මේ බවය අවසන්
වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල
ආදරවන්තය අවසන් වශයෙන් පවසනව...
එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින්
මාව නහවන්න කියල... ඔයාගෙ
ආදරය පූජනීයයි....
හරි ඔන්න ගීතය ඉතාමත්
සරල විදියට පැහැදිලි කලා... එහෙනම් අපේ යාළුවො දැන් මේ ගීතය අහල බලන්න... ඉන් පස්සෙ මම කියන්නම් මෙහි නිදාන
කතාව....
හොදයි යාළුවනේ මේ
ගීතයේ පදරචකයා තමයි හේමසිරි ගුණතුංග මහතා. ඔහු ඇස ගැටුනා බොහොම සීනි බෝල විදියට ආදරය හුවමාරු වන අවස්ථාවක්... ඒ
ඇසුරින් තමා ඔහු මේ ගීතය
නිර්මාණය කලේ... අපි ඔහු පවසනදේ බලමු මේ නිර්මණය ගැන.
"අසූව දශකයේ අග භාගයේ දවසක මම කොළඹ ඉදන් වැලිගම තියෙන අපේ මහ ගෙදර යන්න බස් රථයකට ගොඩ වුනා. මේක
සුඛෝපබෝගි බස් එකක්. මේ බස්
එකට මම ගොඩ වන විට තවත් තරුණයෙක් හා තරුණියක් වාඩි වී සිටිනු මම දෑක්කා. මේ දෙන්නා පෙම්වතුන් නොවන බව නම් ඔවුන්ගේ
හෑසිරීමෙන් මා දුටුවා. සුඛෝපබෝගි
බස් වල ටිකට් කඩන්නේ ටික දුරක් ගියාට පසුවයි. කොහොමහරි කොන්දොස්තර ටිකට් කඩන්න ආපු ගමන් අර තරුණ පිරිමි ළමයා
මුදල් දික් කරල දෙන්නටම ටිකට් ගන්න කියල
කිව්වා. මේ සිදුවීමෙන් පසුව මම දෑක්කා දෙන්නා කතා කරන්න පටන් ගත්තා.
දෑන් බස් එක මේ විදිහට
ඉස්සරහට යනවා .ගාල්ල හරියට යද්දි මම දෑක්ක මේ දෙදෙනා පෙම්වතුන් වෙලාත් ඉවරයි කියලා. ඊළගට දෙන්නනම එකම තැනින්
බැහැලා දෙ අත් පටලවාගෙන යන ආකාරය දුටුවාම
මට සිතුනා ආදරය මේ තරම් ලාබද කියන හෑගීම.
අපේ කාලයේ නම් ආදරය
කියන එක දිහ බෑලුවේ මහා පූජනීය දෙයක් විදිහට. නමුත් අද වන විට ඒ තත්වය නෑති වෙලා. ඉතින් මට වුවමනා වුනේ, මෙන්න මේ සිතුවිල්ල ඔලුවෙ තියාගෙන ගීතයක් ලියන්නයි...
එහෙම හිතාගෙන ලියූ
ගීතය මම ගායිකා මෑණික් ජයසේකර ට ලබා දුන්නා. රෝහණ වීරසිංහයන් ඊට මිහිරි තනුවක් නිර්මාණය කලා. මම හිතනව එම
ගීතයට මෑණික් ජයසේකර හා අමරසිරි පීරිස්
හොද සාධාරණයක් ඉටු කලා කියලා...
අපි හිතනවට වඩා ජීවිතේ හුගාක් වෙනස්ලු..... අපි කවදහරි යථාර්තයට මුහුණ දෙන්න ඕනලු..........
ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....
ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....?
පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා
ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන.....
මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ
සසැලී රැලි සරැලි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත්
සඳක් සේ මවා
ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ...
ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටි
පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
කෝ කොහෙද ගියා
මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?
මම ඔයාගේ
පුංචි කිරිල්ලි.
පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා
මාල මල් ලතා මලාතියක ලියා එවා
දෑල සිත් විලේ
සසැලී රැලි සරැලි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත්
සඳක් සේ මවා
ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටි
පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
කෝ කොහෙද ගියා
පද රචනය - දේවිකා ජයසුන්දර
තනුව - විමල් දයානන්ද
ගායනය - මංගලිකා තෙන්නකෝන්

ජිවිතය විදවන්න නොව විදින්න ................
අපිරිමිත වු බලාපොරොත්තු , අසීමිත වු ආශාවන් පොදිබැදන් යන සංසාර කොනෙක්ට ජිවිතය
සුන්දර වුවත්, අනන්ත අපිරිමිත උුක් කමිකටලු වලින් පිරි ජිවිත වලට මෙ ජිවිතය විඩාවක් නමි
අසීමිත අශාවන් පොදි බැදන් ..................... ..
සුන්දර වුවත්, අනන්ත අපිරිමිත උුක් කමිකටලු වලින් පිරි ජිවිත වලට මෙ ජිවිතය විඩාවක් නමි
අසීමිත අශාවන් පොදි බැදන් ..................... ..
Subscribe to:
Posts (Atom)